මාත් එක්කම ඉන්න අය

Thursday, December 6, 2018

සරා සද

සරා සද 
ඔබ
මසිත් අහසේ...
නිරාමිස සුව
දෙන
සදා කල්...
පෙරා රන් සේ
පුදමි 
ඔබ වෙත...
නුරා හද ගැබ
පිපෙන

පෙම් මල්...

Friday, February 27, 2015

පරිච්චේදයෙන් පරිච්ඡේදය දෛවය නැමැති පොතේ පිටු පෙරලේ...........!!!

Wednesday, July 18, 2012

ගොළු හදවත

සිතන්නට අවෙසිමුත්
සිතන්නට නොහැකිය
පවසන්නට අවෙසිමුත්.....
පැවසීමට  නොහැකිය...
ඇසෙන්නට ලොව පුරා
එනමුත් හඩ නිහඩය
ලබන්නට අවාසිය .....
ඔබේ කුලුදුල් ආලය...
නොලැබෙන බව දන්නා බැවින්
නිහඩ වී මම .,
සගවා ගත්තෙමි
ඔබ වෙනුවෙන්
උපන් ඒ ආලය.......








Tuesday, July 17, 2012

තනිකම.....:(


සීත පිනි දිය
මිලින තරු කැට
මගේ කදුළු ඇස්
දෙක වගේමයි.....
හමන මද නල
දැනෙන සිසිලස
ඈත් වී යන
ඔබ වගේමයි.....
සීත සුසුමක්
ගැහෙන  සිතුවිලි
ඔබය ඔබමයි
මට හැගෙයි
දිව රැ නීති
හඩා වැටෙනා
මිලින වූ සීත
මගේ තමයි........










බලාපොරොත්තුව ...............

කදුලක්  නෙත් අග සිරවී උන්නද
එන්නට නොහෙකිව ලොවට පෙනෙන්නට
 සුසුමක් හදවත ගැඹුරින් ආවද
 හුස්මක  පැටලී  පිටවී  යන්නට
පාලු නිසංසල  නිහඩ  රැයක  මැද
නිදි නොමැතිව  සිත තනි වී උන්නද
සිනහව එනතුරු මම මග බලා උන්නෙමි 
සිනහව  වී  ඔබ එනතුරු මවෙත ..........!!!...

Monday, July 9, 2012

කපුටු සමගිය

අපි පුංචි කලේ ඉදලම කොය් තරම නම් කාක්කෝ දැකල තියෙනවා නේද?
පුංචි ම පුංචි කලේ ඉදලා අම්මල අපිට කෑම කවන්නේ  කාක්කන්ව පෙන්නලා..
එත් අපි ලොකු වෙද්දී උන්ට අපි කැමතිම නේ........
ඒ කාක්කෝ කළුම කලූයි ..කැතම කැතයි.
එත් උන්  හරිම එක
මුතුයි....
හැම දේම බෙදාගෙන තමයි ආහාරයට ගන්නේ.කරදරයක්  උනාම හැමෝම එකතු වෙනවා.
පුදුම සමගියක් තියෙන්නේ....
පොසොන් මාසේ උන් කුඩු  හදන කලේලු...
මම එක ඇස් දෙකෙන්ම දැක්කා.,
හොට ට අහු වෙන හැම කොටු කැල්ලක් ම අරන් ගිහින් ගොඩක් මහන්සි වෙලා තාමය් කුඩුව හදන්නේ.
උන් කොඉ තරම් නිදහසේ ඉගිල්ලෙන,සහෙල්ලුවෙන් ජිවත් වෙන කුරුල්ලෝ වර්ගයක් උනත්,
කුඩුවක් හදනකොට එහෙම නෙ,කොටු  හොයාගෙන උඩට පියාබන කොට
උන්ට හරිම මහන්සි.
හරියට මිනිස්සු 
ශ්‍රී  පදේ නගිනවා වගේ උනුත් තැනින් තැන නතර වෙලා තමඊ අවශ්‍ය දේ උඩට ගෙනි යන්නේ.
මිනිස්සුන්ට වැඩිය එයාල ආදරේ කරන්ත් හොදට දන්නවා.
ඒ ආදරේ දිහා බලන් ඉන්නත්
ආසයි.....

Sunday, July 8, 2012

උතුම් මව් පදවිය

ලොවක් තැනෙනේ නේ ඇය නිසාවෙනි...
නොවිදිනා දුක් විද දස මසක් කුස තුල දරා..
විෂමාකාර මිනිසුන් පිරි ලොවකට ඇය තම  කිරි කැටියා බිහි කරනිය....
උපන්දා සිට රැයක් දවාලක් නොබලා තම කිරිකැටිය ඇගේ දෙනත් මෙන්
රැක බල ගනී...
මාතෘත්වය අමිලය,
බුදු පදවියට පමණක් දෙවෙනි වන මේ උතුම් වූ මව් පදවිය
ලෝක පාලන දෙවියන්ගේ මහර්ග දායාදයකි...
උතුම් වූ මගේ  මෑණියන් දිවි ඇති තෙක් රැක බල ගත් තද ,
ඇගෙන් බිව් මව් කිරි වල ණය මට  කෙදිනක වත් ගෙවා නිම කල නොහැක.........

මගේ අම්මා වෙනුවෙන් මේ නිසදැස පිදෙන වගයි............